some_text
some_text

මොළයට සහ විද්‍යාවට අවමන් කරන ශ්‍රී ලංකාවේ භෞතික විද්‍යා විභාග ප්‍රතිඵල


  • පසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා F හෝ S සාමර්ථ (ලකුණු 0 සිට ආසන්න වශයෙන් 50 ට අඩු) ලබා ගෙන ඇති ප්‍රතිශතය 50% කට වඩා වැඩි අතර පසුගිය වසර කිහිපය තුළ මෙම ප්‍රතිශතය 70% ක් පමණ වේ. C, B, A සාමර්ථ (ආසන්න වශයෙන් ප්‍රශ්න පත්‍රයට හිමි මුළු ලකුණු සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ලකුණු) ලබා ගෙන ඇති ප්‍රතිශතය 30% ක් පමණ වේ. A සාමර්ථ ලබා ගෙන ඇති ප්‍රතිශතය 10% කට වඩා අඩු අගයක පවතී. ලකුණු හැට හැත්තෑවක් ගෙන B සාමර්ථ ලබා ගෙන ඇති ප්‍රතිශතය ද 10% කට වඩා අඩු අගයක පවතී.
  • විද්‍යා විෂයයන් හදාරන සිසුන් බහුතරයක් (50% කට වඩා වැඩි) උසස් ප්‍රතිඵල (A හෝ B) ලබා නොගැනීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත් 70% වැනි බහුතරයක් දුර්වල ප්‍රතිඵල (F හෝ S) ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය නොහැක.
  • සියලු සිසුන්ට අධ්‍යාපනය ලබා දීම අපහසු වුවත් අවම වශයෙන් බහුතරයටවත් අධ්‍යාපනය ලබා දිය යුතුය.
  • ඒ සඳහා සිසු සිසුවියන්ගෙන් 30% කට නොව 50% කට වඩා වැඩි පිරිසකට විභාග ප්‍රශ්න පත්‍රයට හිමි මුළු ලකුණු සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ලකුණු හෝ අදාළ සාමර්ථ (C, B, A) තිබිය යුතුය.
  • විභාග ප්‍රතිඵල මගින් අධ්‍යාපනයේ බොහෝ අභිමතාර්ථයන් පරීක්ෂා කිරීම අපහසු වුවත් සංකල්පීය අවබෝධය (Conceptual Understanding) හා ප්‍රශ්න විසඳීමේ කුසලතා (Problem-Solving Skills) වැනි මූලික අංග (The Core Components) නිවැරදිව පරීක්ෂා කළ හැක.
  • මොළය සහ මනස (The Brain and The Mind) සමාන ලෙස හෝ වෙනස් ලෙස සලකා ගුරුවරුන් විසින් ඉගැන්වීමේ ක්‍රියාවලිය (Teaching Process) සහ සිසුන් විසින් ඉගෙනුම් ක්‍රියාවලිය (Learning Process) පවත්වා ගෙන යාම විභාග ප්‍රතිඵල දුර්වල වීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස සඳහන් කළ හැකිය.
  • විනෝදය, විවේකය, නින්ද කොපමණ කැප කළත් ස්මාර්ට් දුරකථන හා අන්තර්ජාල පහසුකම් භාවිතා කළත් දවස පුරා පන්ති වලට (Theory, Revision, Paper, etc.) කාලය හා මුදල් වැය කළත් 5% ක් වැනි සුළුතරයක් පමණක් උසස් A සාමර්ථ ලබාගැනීම සහ 70% ක් වැනි බහුතරයක් දුර්වල F හෝ S සාමර්ථ ලබාගැනීම වළක්වා ගත නොහැකි වී ඇත්තේ එබැවිනි.
    • සිසු සිසුවියන් බහුතරයකගේ (50% කට වඩා වැඩි) මොළයේ අභිලාෂය සහ මනසේ අභිලාෂය අතර සැලකිය යුතු පරතරයක් ඇති බැවින් ඉගෙනීමේ දුෂ්කරතා ඇතිවේ. මෙම තත්ත්වය පළමු දින කිහිපය හෝ සති කිහිපය තුළදී පහසුවෙන් හඳුනා ගත හැක.
    • එමනිසා මොළයේ අභිලාෂය සහ මනසේ අභිලාෂය අතර පරතරය අඩු කිරීමේ ක්‍රියාවලිය පළමු පාඩමේ පළමු දින කිහිපය තුළදී ආරම්භ කළ යුතුය. මේ සඳහා මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීම (Maintaining Brain Health), දිනපතා ස්වාධ්‍යයනය (Self-Study) කිරීම, පන්තියක් ආරම්භ කිරීම සහ අවසන් කිරීම විද්‍යාත්මක මූලධර්ම (Scientific Principles) මත පදනම්ව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
    • කායික, මානසික, ජානමය සහ සමාජීය සාධක මත සිසුවාගෙන් සිසුවාට ඉගෙනුම් ක්‍රියාවලිය (Learning Process) සුවිශේෂී (Unique) වන අතර සිසු සිසුවියන් බහුතරයකට කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉගෙනීම් කටයුතු කළ නොහැක. ඔවුන්ව ඉගෙනුම් ක්‍රියාවලිය තුළ අඛණ්ඩව පවත්වා ගැනීමට නම් ඉගෙනීමේදී දෛනිකව මතුවන තනිවම විසඳා ගත නොහැකි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අවශ්‍ය ඉගෙනුම් සහාය (Learning Support) ලබා දිය යුතුය.
    • ශිෂ්‍ය ගුරු අනුපාතය (Student-Teacher Ratio) ඉතා ඉහළ අගයක් (500:1, 1000:1, 1500:1, etc.,) ගන්නා විට ඉගෙනුම් සහාය ලබා දීමට ගුරුවරයාට නොහැකි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිසු සිසුවියන් බහුතරයකගේ (50% කට වඩා වැඩි) ප්‍රතිඵල දුර්වල වේ.
    • මෙම තත්ත්වය යම් දුරකට අවම කර ගැනීම සඳහා නිපුණතා මට්ටම (Competency Level) අනුව (A, B, C හෝ A, B ලෙස) පන්ති පැවැත්වීම, පෙර පටිගත කළ වීඩියෝ පාඩම් (Pre-Recorded Video Tutorials) ඵලදායී ලෙස භාවිත කරන ආකාරය පිළිබඳව සිසු සිසුවියන්ව දැනුවත් කිරීම, අධ්‍යයන කණ්ඩායම් ගොඩනැගීම (Study Group Formation) වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක.

  • සුළුතරයකට නොව බහුතරයකට විද්‍යා අධ්‍යාපනය ලබා දීමේ පරමාර්ථයෙන් A හෝ B සාමර්ථ සංඛ්‍යාව වැඩි කිරීමට සහ F හෝ S සාමර්ථ සංඛ්‍යාව අඩු කිරීමට සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සහාය සේවා සැපයීම.
  • ඉගෙනුම් ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක මූලධර්ම භාවිත කිරීමේ ප්‍රවීණත්වය (Proficiency in Using Scientific Principles to Improve Efficiency and Effectiveness of the Learning Process), Google වැනි ආයතන මගින් නොමිලේ පිරිනමන සේවාවන් භාවිත කිරීමට සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ඇති උනන්දුව (Interest of Students, Teachers, and Parents to Use Free Services Offered by Institutions Like Google), වැනි සාධක මත සේවාවන් වල මිල රු. 1000.00 සිට රු. 10000.00 දක්වා (ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට විශේෂ සහන) වෙනස් වේ.
    • මාසික, වාර හෝ වෙනත් පරීක්ෂණ වල ප්‍රතිඵල භාවිතා කරමින් පළමු මාස කිහිපය තුළ දී ඉතා පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ මෙම අසාමාන්‍ය තත්ත්වය වළක්වා ගැනීමට සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන් කටයුතු කර නොමැත.
    • මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ගුරුවරුන් දැන ගත යුතු අතර එය වෙනස් කිරීම සඳහා අප්‍රමාදව කටයුතු කළ යුතුය. මේ සඳහා දෙමාපියන්ගේ දායකත්වයද ලබා ගත යුතුය.
    • දුර්වල ප්‍රතිඵල ලැබිය හැකි බව දැන ගත් පසු සිසු සිසුවියන් වෙනත් පන්ති වලට සහභාගී වේ යැයි සිතා බොහෝ ගුරුවරුන් මෙම තත්ත්වය සැඟවීමට උත්සාහ දරයි.
    • ගුරුවරයා විසින් සිසුවාගේ තත්ත්වය පිළිබඳව දෙමාපියන්ව දැනුවත් කර නොමැති නම් හෝ වෙනස් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති නම් දුර්වල ප්‍රතිඵල සඳහා පන්ති ගාස්තු අය කිරීම සාධාරණ නොවේ.
    • සාමාන්‍යයෙන් මෙම වයසේදී මොළයේ සෞඛ්‍යය තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් F හෝ S සාමර්ථ ලබා ගෙන ඇති ප්‍රතිශතය 70% ක් නොව 30% ක් පමණ වූයේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැක.
    • විෂය නිර්දේශයට අදාළ විභාග ප්‍රශ්න හොඳින් විශ්ලේෂණය කළ හොත් මෙවැනි තත්ත්වයක් ඇති විය නොහැකි බව ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැක.
    • ඉගෙනීම (Learning) හෙවත් දැනුම හා කුසලතා මොළය තුළට ඵලදායී ලෙස ලබා ගැනීම (Effectively Acquiring Knowledge and Skills into the Brain) යනු ස්නායු සෛල බිලියන ගණනක්ද (100 billion Neurons) සම්බන්ධතා ට්‍රිලියන ගණනක්ද (100 trillion Synaptic Connections) සහිත මොළයේ දිගු-කාලීන මතකය (Long-Term Memory) තුළ අදාළ ස්නායු පරිපථ (Neural Circuits) නිර්මාණය කිරීමයි. මෙම ක්‍රියාවලිය මතක තබා ගැනීම හෙවත් ධාරණය (Memory Retention), මතකය නැවත ලබා ගැනීම හෙවත් සමුද්ධරණය (Memory Retrieval) සහ ප්‍රශ්න විසඳීමේ කුසලතා (Problem-Solving Skills) ලෙස දිගු-කාලීන මතකය තුළ ශක්තිමත් වූ විට විභාග වලදී උසස් ප්‍රතිඵල ලබා ගැනීමටත් වෙනත් ප්‍රායෝගික කටයුතු සඳහාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස (Efficiently and effectively) භාවිත කළ හැක.
    • සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දීම යනු පන්ති වලට සහභාගී කරවීම හෝ සමාජ මාධ්‍ය වීඩියෝ පාඩම් දෙස බලා සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම නොව දැනුම හා කුසලතා ඵලදායී ලෙස මොළය තුළට ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමයි. සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට දැනුම හා කුසලතා මොළය තුළට ලබා ගැනීමට මොළය සූදානම් නැත. එසේම මොළයට අවශ්‍ය ආකාරයටම දැනුම හා කුසලතා මොළය තුළට ලබා දීමට සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සූදානම් විය යුතු ද නැත.
    • සංවේදන මතකයේ (Sensory Memory) සිට දිගු-කාලීන මතකය (Long-Term Memory) දක්වා විද්‍යාත්මක මූලධර්ම වලට අනුව දැනුම හා කුසලතා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ගෙන යන ආකාරය පිළිබඳව සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් විය යුතුය. එවැනි සන්දර්භයක් තුළ උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මොළය හැසිරවීම (Manipulating the Brain) සිසුන් විසින් සිදු කළ යුතුය.
    • පන්ති වලට සහභාගී වන බොහෝ සිසුන්ට විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක් හෝ ඉංජීනේරුවරයෙක් වීමට අවශ්‍ය වුවත් එවැනි අභිලාෂයක් එක් එක් සිසුවාගේ මොළයට නැත. ආත්මීය (මනෝමූල) යථාර්ථය (Subjective Reality) තුළ පවතින මනසේ අභිලාෂය සහ වාස්ත්වික යථාර්ථය (බාහිර වස්තූන් පිළිබඳ) (Objective Reality) තුළ පවතින මොළයේ අභිලාෂය සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් වේ.
    some_text some_text
    • මොළයේ සහ මනසේ අභිලාෂය එකම නොවන සිසුන් බහුතරයකට (50% කට වඩා) අභිප්‍රේරණය නොමැතිකම, නිදිමත, කම්මැලිකම හෝ වෙනත් හේතූන් නිසා අවධානය දිගු කාලයක් පුරා පවත්වා ගැනීමට නොහැකි බැවින් මොළයේ සහ මනසේ අභිලාෂය අතර පරතරය අඩුකිරීමෙන් (විද්‍යාත්මක මූලධර්ම භාවිත කරමින් මනසට ඉගෙනගෙන ඇති විෂය කරුණු මොළයට ඉගැන්වීම මගින්) තොරව ගුරුවරුන්ගේ හෝ වෙනත් පාර්ශවකරුවන්ගේ සහාය ලබාගෙන වුවද උසස් ප්‍රතිඑල ලබා ගත නොහැක.
    • මොළයේ සහ මනසේ අභිලාෂය ආසන්න වශයෙන් එකම වන ස්වයං-අභිප්‍රේරණය (Self-Motivated) සහිත සිසුන් සුළුතරයකට අවධානය දිගු කාලයක් පුරා පවත්වා ගැනීම (Focused and Sustained Attention) සහ අනෙකුත් විද්‍යාත්මක මූලධර්ම භාවිත කිරීම තුළින් ගුරුවරුන්ගේ හෝ වෙනත් පාර්ශ්වකරුවන්ගේ සහාය නොමැතිව වුවද උසස් ප්‍රතිඑල (A හෝ B සාමර්ථ) ලබා ගත හැක. ගුරුවරයා විසින් සිදු කළ හපන්කමක් ලෙස ගුරුවරයාගේ ඡායාරූපය සමග සමාජ මාධ්‍යවල බෙදාගන්නේ මෙවැනි සහජ දක්ෂතා සහිත සිසුන්ගේ (Gifted and Talented Students) ප්‍රතිඑලයි.
    • ගුරුවරයාට එසේ කළ හැකි නම් ගුරුවරයා සතු එම දැනුම හා කුසලතා භාවිත කර සිසුන් විශාල සංඛ්‍යාවකට A හෝ B සාමර්ථ සහ කුඩා සංඛ්‍යාවකට F හෝ S සාමර්ථ ලබාදිය හැක. පසුගිය වසර තිහක පමණ කාලය තුළ එවැනි ගුරුවරුන් සිටි බවට පැහැදිලි සාක්ෂි නොමැත. සමාජ මාධ්‍ය අවභාවිත වීමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි ගුරුවරුන් සිටින බවට අසත්‍ය තොරතුරු (Misinformation) සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එවැනි ගුරුවරුන් (බිහි කළ නොහැකි දිස්ත්‍රික් ප්‍රථමයා වුවද බිහි කළ හැකි) සිටී නම් ඔවුන් කළ යුත්තේ ඔන්ලයින් පහසුකම් භාවිත කර එම ප්‍රතිඵල (A, B, C, S, F සාමර්ථ වල අදාළ ප්‍රතිශතයන්) ප්‍රසිද්ධ (Publish) කිරීමයි.

    Why Choose EduEach Services?



    We use research-based innovative learning & teaching methods and strategies that will effectively transfer knowledge and skills into the student’s brain.


    Most of the students do not learn effectively because they do not know the importance of self-study and do not have necessary support. In order to keep students engaged in the effective learning process and to keep them motivated, solutions must be provided to the problems that cannot be solved on their own. Problems that arise daily should be able to be noted down or referenced at any time before they are forgotten. Students, who have low scores on monthly or term tests and have difficulty understanding theories or have difficulty writing answers to past exam questions on their own, receive poor results such as F or S.


    The learning process of each student, including weak students who are ignored by many teachers as they cannot be marketed like the district's first, must be personally monitored. Because learning is a dynamic process that occurs throughout the life span, it is a complex process governed by many factors such as physiological, psychological and sociocultural. The practice of learning process monitoring is an essential component of quality education because it is a strong predictor of student achievement. Various types of collected and analyzed data can be used to identify the current level of knowledge, understanding and problem-solving skills of each student. Interventions such as teaching and learning strategy adjustments should be made based on current performance level and uniqueness of each student.


    In the past few decades, examination results have been poor in many subjects including Chemistry and Physics. For Advanced Level Physics, the percentage of A passes is less than 10% and the percentage of F and S passes is more than 50% in every year.


    One of the most common reasons why students have weak results in their exams is the lack of self-study practice. Self-study improves reading, writing, understanding, memory retention and retrieval, and problem-solving skills which are tested in the exam. Subject knowledge and problem-solving skills (Analytical, Critical, Creative, etc.), which are needed to solve problems in the exam, should be retrieved from long-term memory within a short period of time (two or three hours).


    Students who attend classes throughout the day practice skills such as hearing or listening and seeing or watching that do not strengthen long term memory. Although these students cannot solve problems on their own, they can watch teachers solve problems. This does not mean that students should not attend classes, but it does mean that they should spend considerable time to transfer knowledge and skills into long term memory.


    Because teaching will strengthen memory retention and retrieval very greatly, students can rehearse teaching or they can teach their peers during group discussions. However, in the exam, students have to teach examiners what they have learnt in order to get marks. Students can incorporate metacognitive strategies with other study techniques such as immediate review practices, spaced and interleaved retrieval practices, etc. into their self-study practice.


    • උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉහළ මට්ටමේ චින්තන කුසලතා (Higher Order Thinking Skills) වන විශ්ලේෂණය කිරීම (Analyzing), ඇගයීම් කිරීම (Evaluating) සහ විසඳුම් නිර්මාණය කිරීම (Creating Solutions) වැඩි දියුණු කර ගත යුතුය. මේ සඳහා පන්ති වලට සහභාගී වන හා වීඩියෝ පාඩම් නරඹන කාලය සීමා කර තනිවම ඉගෙනගැනීම හෙවත් ස්වාධ්‍යයනය (Self-Study) කිරීම දිනපතා කළ යුතුය.
    • ඇසීම හෝ අසා සිටීම (Hearing or Listening) සහ දැකීම හෝ බලා සිටීම (Seeing or Watching) මගින් ප්‍රශ්න විසඳීමේ කුසලතා (Problem-Solving Skills) වැඩි දියුණු කර ගත නොහැක. තනිවම ප්‍රශ්න විසඳීමේ අවස්ථාව සිසුවාට ලබා දිය යුතු අතර සහාය ලබා දීම සඳහා පමණක් ගුරුවරයා මැදිහත් විය යුතුය. අවශ්‍ය පරිදි මැදිහත් නොවන පාසල් ගුරුවරයාද අනවශ්‍ය ලෙස මැදිහත් වන ටියුෂන් ගුරුවරයාද සිසුවාගේ ප්‍රශ්න විසඳීමේ කුසලතා දුර්වල කරයි. භෞතික විද්‍යාව උගන්වන ආකාරය ඉගෙනගැනීමට පෙර පහත දක්වා ඇති වීඩියෝ ක්ලිප් කිහිපය නැරඹීම පාසල් ගුරුවරයාට සහ ටියුෂන් ගුරුවරයාට ප්‍රයෝජනවත් විය හැක.
    some_text
    some_text

    Vision

    To be an organization that creates innovative learning & teaching methods and strategies to educate each and every student.

    Mission

    To use research-based learning & teaching methods and strategies to improve examination results of each and every student.

    Panel of Consultants

    Let’s Keep In Touch